ථේරවාදී මහා විහාර සම්ප්‍රදාය පිළිපදින ධර්මධර, විනයධර,සුපෙක්ෂල, ශික්ෂාකාමි භික්ෂු පරපුරක් බිහි කිරිම.වත්මනයෙ ථේරවාදී බුදු දම පිළිබද ගොඩනැගි ඇති මිත්‍යා මත හා විනය විරෝදී කල්ලි කණ්ඩායම් ශාසනික පරිසරය තුළින් ගොඩනැගී පවතින හෙයින් එයට නිසි විසදුමක් ලෙස අප ආරණ්‍ය සංචිතය විසි ශික්ෂකාමී, ධර්මධර භික්ෂු පරපුරක් ගොඩනැගිම අවශ්‍යතාවයි.
වර්ගවාදි භෙදයකින් තොර ගුණධර්ම වලින් පෝෂිත ශිෂ්ඨවත් මානව සමාජයක් උදෙසා කටයුතු සැලසීම. සූපීක්ශණ, ධර්ම විනයට ගුරු කරන උතුම් මානුෂිය ගුණධර්ම වලින් පිරිපුන් ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් ආරන්‍ය සේනාසන වටා පදිංචි කර සිංහල බොදු සංස්ක්ෘතිය සමාජයට හදුන්වා දෙමින් සමාජ සන්දර්භය පොෂණය කරලීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරලීම.
හෙල රජ සමයෙ සිට දායාද වු ජාතික උරුමය මතු පරපුර උදෙසා ආරක්ෂා කිරිම. හෙළ රජ සමයේ සිට දායාද වු බොදු උරුමයන් වත්මන් අන්තවාදී මිනිසුන්ගේ ග්‍රහණයට ලක් වෙමින් විනාශ මුඛයට ඇද වැටිම නවතා අනාගත පරපුරට උරුම කරදීමෙ වගකිම පෙර දැරි කර ඓතිහාසික පුදබිමෙ ගවෙශණය කොට රාජ්‍ය අනුග්‍රහය මත සංරකෂණය කරවීමට හා රැක ගැනීමට අවැසි කටයුතු ඉටු කරලිම අපගේ අරමුණයි.
අරිසිමලය ආරණ්‍ය සංචිතයේ නිර්මාතෘ,
උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝ නායක, අරියවංශාවතංශ විනය කීර්ති ශ්‍රී ශිරෝමනි කම්මටඨානාවරිය අරිසිමලය ආරණ්‍ය සෙනසනාධිපති, මුලූ දිවයිනටම සාම විනිසුරු
අපව සම්බන්ද කර ැනීමට